බස්රථයක් පාලනයෙන් ගිලිහෙයි - පුද්ගලයින් 4ක් මරුට
මුම්බායි හි භන්ඩුප් ප්‍රදේශයේදී බස්රථයක් පාලනයෙන් ගිලිහීයාම නිසා දරුණු අනතුරක් සිදු වී ඇත.
ඒ අනුව ඊයේ (29) රාත්‍රි 10ට පමණ සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් 4 දෙනෙකු මරණයට පත්ව 9 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්. එසේම තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙසේ අනතුරට පත්ව ඇත්තේ මුම්බායි හි රටේ විශාලතම පොදු බස්රථ සමූහය වන 'BEST' බස්රථයක්.

