ඉන්දියාවේදී ඔළුව උස්සන්නවත් බැරිවුණු කාන්තා ක්‍රිකට්
ඉන්දීය කාත්නා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය පහට බින්දුවක් ලෙස පූර්ණ තරඟාවලි පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සිදු වුණා.
ඒ, ඊයේ රාත්‍රියේ පැවති පස්වන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස තරඟයෙන්ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 15කින් පරාජය වීමත් සමගයි.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 175ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ ලකුණු 160ක් පමණයි.
ඉන්දියාව මෙලෙස පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියක් පහට බින්දුවක් ලෙස පූර්ණ ලෙස ජයගත් ඉතිහාසයේ තුන්වන අවස්ථාව මෙයයි.
එවැනි දස්කමක් දැක්වූ ලොව දෙවන කණ්ඩායම ලෙසටයි ඉන්දීය කාන්තා කණ්ඩායම ඉතිහාසයට එක්වුණේ.
එමෙන්ම මෙම තරඟාවලියේදී ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් තරඟාවලි වසරක් තුළ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩිකාව ලෙස ඉන්දියාවේ ස්මිත්‍රි මන්දනා ඉතිහාසයටද එක්වුණා.
මේ වසරේ ඇය රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 1,703ක්.

