කොහුවල හෙල්ලූ වෙඩිල්ල

කොහුවල, සරණංකර පාර, බෝධියවත්ත ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

ඒ, ඊයේ රාත්‍රී 10යි 30ට පමණයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් බෝධියවත්ත ප්‍රදේශයේ නිවසකට මෙම වෙඩිතැබීම සිදුකර තිබූ බවයි පොලීසිය පැවසුවේ.

එහිදී 16 හැවිරිදි ගැහැණු ළමයෙකු තුවාල ලබා තිබෙනවා.

ඇය රෝහල් ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි පොලීසිය මීට නොබෝ වේලාවකට පෙර තහවුරු කළේ.

කෙසේවෙතත් වෙඩිතැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබුණේ වෙඩිතැබීම සිදුකළ නිවස නොව වෙනත් නිවසක් බවට පොලීසිය සැක පළ කරනවා.

menu
menu