කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම සම්මතයි
ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද දෙකකින් ජයග්‍රහණය කර තිබේ.
ඒ අනුවඅයවැයට පක්ෂව ඡන්ද 58ක් හිමිව ඇති අතර, විපක්ෂව හිමිවූයේ ඡන්ද 56ක් පමණයි.
කොළඹ මහ නගර සභාවේ මංගල අයවැය දෙසැම්බර් 22 වැනිදා සභාවට ඉදිරිපත් කෙරුණු අතර, එහිදීඑය පරාජයට පත්වුණි.
පළමු වර අයවැයට විපක්ෂව ඡන්ද 60ක් එහිදී හිමි වූ අතර පක්ෂව ලැබුණේ ඡන්ද 57 ක් පමණයි.

