ප්‍රදේශ රැසකට අදත් වැසි
නැගෙනහිර, මධ්‍යම, උතුරුමැද සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.
උතුර සහ වයඹ පළාත්වලත්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.
සෙසු ප්‍රදේශවල පස්වරු දෙකෙන් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදැසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ සදහන්.

