මොඩියුල අවුලෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
2026 නව වසර රටේ පරිවර්තන රැසක් සිදු වන වසරක්. යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම මෙම වසරේදී සිදු කෙරෙන ප්‍රධානතම පරිවර්තනයක්.
කෙසේවෙතත් ගෙවුණු වසරේ අවසන් දින කිහිපය නිමා වුණේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ගැටලු සහගත කරුණක් ඉස්මතු කරමින්.
ඒ, 06 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මාලාව සඳහා හඳුන්වාදීමට නියමිත මොඩියුලයක නොගැළපෙන අන්තර්ජාල සබැඳියක් එක් කර තිබීම හේතුවෙන්. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම්වරයා විසින් ඊයේ දිනයේ අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා.
එළඹෙන 05 වනදා නව වසරේ පළමු පාසල් වාරය ආරම්භ වීමට නියමිතයි. මෙම තත්ත්වයන් යටතේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ගැටලුවක් මතු කරයිද?

