පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත් කරමින් පළාගිය මෝටර් රථය සහ සැකකරුවන්

අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සහ සිවිල් ආරක්ෂක භටයෙකු අනතුරට ලක්කොට පළා ගිය සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරින් පොලිස් කොස්තාපල්වරයා ජීවිතක්ෂයට පත් වූ අතර සිවිල් ආරක්ෂක නිලධාරියා අම්බලන්තොට රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සදහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්තොට පොලීසියට අනුයුක්තව මාර්ගයේ බීට්ටු රාජකාරියේ නිරතව සිටි පොලිස් කොකොස්තාපල් සරත් නැමති නිළධාරියායි.

අනතුරින් රාජකාරියේ නිරතව සිටි සිවිල් ආරක්ෂක බළකා නිළධාරී දිසානායක නිළධාරියාද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

menu
menu