පාසල් වේලාව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තීරණයක්

2026 වර්ෂය තුළ පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා

රට තුළ උද්ගත වූ ආපදා තත්ත්වය සහ පළාත් කිහිපයක පාසල් පද්ධතියට සහ ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති අලාභ හානි සැලකිල්ලට ගනිමින්, පාසල් පද්ධතිය සහ ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වයට පත් වන තුරු මෙය ක්‍රියාත්මක නොකරන බවයි නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය අද රාත්‍රියේ මේ බව සඳහන් කර සිටියා.

එමෙන්ම මේ සම්බන්ධයෙන් වන සවිස්තරාත්මක චක්‍රලේඛය හෙට (2) දින නිකුත් කරන බවද සඳහන්

ඒ අනුව,

- 2026 වසර තුළ 5 -13 ශ්‍රේණි සඳහා පාසල් කාලය පෙ.ව 7.30 - ප.ව 1.30 ලෙස නොවෙනස් ව පවතියි.

- රජයේ, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් 2026 වර්ෂයේ පළමු වාරය සඳහා ජනවාරි 5 දින ආරම්භවීමට නියමිතය.

menu
menu