ජනපති රාමඤ්ඤ සහ අමරපුර මහා නාහිමිවරු බැහැදකී
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක නව වසරට ආශිර්වාද ලබා ගත්තේය.
උන්වහන්සේ වැඩවසන මීරිගම, මිණිඔලුව ශ්‍රී විද්‍යාවාස මහා පිරිවෙන වෙත ඊයේ (01) දහවල් ගිය ජනාධිපතිවරයා, මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරතවිය.
උන්වහන්සේ මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර නව වසරේ කටයුතු වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට සිය ආශිර්වාදය පළ කළහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුගත් රත්නායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

