වෙනිසියුලානු ජනාධිපතිට අධි චෝදනා ගොනු කෙරේ
අමෙරිකානු අත්අඩංගුවේ පසුවන වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝට මත්ද්‍රව්‍ය සහ අවි චෝදනා සම්බන්ධව නඩු ගොනු කර නිව්යෝර්ක් හිදි අධි චෝදනා ගොනු කරන බව අමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව පවසා ඇතැයි විදෙස් මාධ්‍යවාර්තා කර තිබේ.
නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳට මත්ද්‍රව්‍ය, ත්‍රස්තවාදී කුමන්ත්‍රණ සිදු කිරීම, ආයුධ සහ විනාශකාරී උපකරණ ළඟ තබා ගැනීම සහ එම ආයුධ මගින් අමෙරිකාවට එරෙහිව කුමන්ත්‍රණ සිදු කිරීම යන චෝදනා මත නිව්යෝර්ක් නුවර අධි චෝදනා ගොනු කර තිබේ.
චීන රජයේ විශේෂ නියෝජිතයෙකුවන කියු ෂියෝකි ඊයේ (02) ජනපති මදුරෝ හමුවී දිනක් ගතවීමටත් මත්තෙන් අමෙරිකාව මෙම ප්‍රහාර එල්ල කිරීම විශේෂත්වයකි.
ඇතැම් පාර්ශ්ව මේ සම්බන්ධව පෙන්වා දෙනුයේ නඩු විභාගය අවසන්වීමෙන් අනතුරුව ඔහුගේ ඉරණම අමෙරිකානු බන්ධනාගාරයකින් අවසන් වනු ඇති බවය.

