ආපදාවට පත්වූවන්ට සහන සැලසීමට ඉන්දු - ශ්‍රී ලංකා T20 සටනක්

එළැඹෙන අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෙරටදී පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියට අමතරව දෙරට අතර විස්සයි20 තරග 3ක්ද පැවැත්වීමට සැලසුම්කර ඇති බව ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග සඳහන් කරයි.

'දිට්වා' සුලි කුණාටුවෙන් ආපදාවට පත්වූවන්ට සහන සැලසීමේ ක්‍රියාන්විතයට ආධාර එක් රැස් කිරීමේ අරමුණෙන් එම විස්සයි20 තරග පැවැත්වේ.

කෙසේ නමුත් දෙරට අතර තරග 2කින් යුතුව මෙම තරගාවලිය පැවැත්වීමට සැලසුම්කර තිබුණේ ඉකුත් දෙසැම්බර් 28 සහ 29 යන දෙදින තුළය.

නමුත් තරග විකාශන කටයුතු සඳහා සැලසුම් කිරීමට කාලවේලාව අවමවීම හේතුවෙන් එම තරග පැවැත්වීමට නොහැකිවිය.

ඒ අනුව මෙම වසරේ අගෝස්තු මාසයේ ඉන්දියා කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීම නියමිත ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව එම විස්සයි20 තරගාවලියට ක්‍රීඩාකිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය සිය එකඟතාව පළකර තිබේ.

menu
menu