මධුරෝ අමෙරිකානු අධිකරණය හමුවේ කියයි
තමන් තවමත් වෙනිසියුලාවේ ජනාධිපති බව නිකලස් මධුරෝ අමෙරිකානු අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
අමෙරිකානු හමුදා වෙනිසියුලාවේ කැරකස්හි දියත් කළ මෙහෙයුමකදී අල්ලාගත් වෙනිසියුලානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ නිව්යෝර්ක් හි අධිකරණයකට ඉදිරිපත් කළ අවස්ථාවේදී නිකලස් මධුරෝ එම ප්‍රකාශය සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
එමෙන්ම තමන්ට එරෙහිව එල්ල කරන මත්ද්‍රව්‍ය චෝදනා ඇතුළු සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවද නිකලස් මධුරෝ අධිකරණය හමුවේ පවසා තිබෙනවා.
අමෙරිකානු හමුදා භාරයට ගැණුනු නිකලස් මධුරෝගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස්ද අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අතර ඇයද සියලු චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඔවුන් තිදෙනාම පවසා ඇත්තේ තමන් නිර්දෝෂී සහ යහපත් මිනිසුන් වන බවයි.

