පකිස්තානු ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් සදහා සහභාගී වීමට පකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම අද දින සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුනා.
තරග 03 කින් සමන්විත මෙම තරගාවලිය එළඹෙන 01/07 , 01/09 සහ 01/11 දින වල දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැළසුම් කර තිබෙනවා.
මෙම පකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අද දින සවස 05.15 ට පකිස්තානයේ ලාහෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 154 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

