ලේ දන්දීමේ පිංකම සහ නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදිම ශ්‍රී සුධර්මාරාම විහාරස්ථ පරිශ්‍රයේදී
විහාරාධිපති, රාජකීය පණ්ඩිත, දර්ශනපති
පූජ්‍ය වතුරවිල සිරි සුජාත හිමිපාණන් වහන්සේගේ
ජන්ම දිනය නිමිති කර ගනිමින් ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරය රාජගිරිය
විහාරස්ථ තරුණ සංවිධානය විසින් 16 වන වරටත් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ පිංකම
සහ නොමිලේ ඇස් කණ්ණාඩි 1000ක් ලබාදීම ඇතුළු ප‍්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවක් පැවැත්විමට තියමිතයි.
පූර්ණ අක්ෂි පරීක්ෂාව හා සායනය , විශේෂඥ වෛද්‍ය සායනය ආයුර්වේද ව්ශේෂඥ වෛද්‍ය සායනය,
ළමා දන්ත වෛද්‍ය සායනය,
ජාතික හැඳුනුම්පත් සකස් කිරීමේ සේවාව , නීති උපදෙස් ලබාදීමේ සේවාව
මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහන ,වරිපනම් ගෙවීමේ ජංගම සේවාව,
පොලිස් හා තැපැල් ජංගම සේවාව ,
ජලභීතිකා එන්නත් විදීමේ සත්ව සායනය 2026 ජනවාරි 08 බ්‍රහස්පතින්දා
ශ්‍රී සුධර්මාරාම විහාරස්ථ පරිශ්‍රයේදී පෙ.ව. 8.30 සිට ප.ව. 2.30 දක්වා පැවැත්වේ

