මත්පැන් වර්ගයක් විෂ වීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට
නීතිවිරෝධී මත්පැන් වර්ගයක් පානය කිරීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට වෙන්නප්පුව - මාරවිල ප්‍රදේශයෙන් තොරතුරු වාර්තා වනවා.
මියගිය පුද්ගලයින් තිදෙනෙකුගේ මළ සිරුරු නිවසක් තුළ තිබියදී සොයා ගෙන ඇති අතර අනෙක් දෙදෙනා අසාධ්‍ය තත්ත්වයෙන් වෙන්නප්පුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසිය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මත්පැන් විකිණූ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අදාළ මත්පැන් නිෂ්පාදනය කළවුන් සොයා පොලිස් කණ්ඩායම් යොදවා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

