ඉන්දියානු යුද්ධ හමුදාධිපති යුද්ධ හමුදා මූලස්ථානයට

දිවයිනට පැමිණ සිටින ඉන්දියානු යුද්ධ හමුදාධිපති ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි ඇතුළු දූත පිරිස 2026 ජනවාරි මස 07 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වි තිබෙනවා.

යුද්ධ හමුදා මූලස්ථානය වෙත පැමිණි ඉන්දියානු යුද්ධ හමුදාධිපතිව ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ විසින් පිළිගන්නා ලද අතර ඊට පෙර යුද්ධ හමුදා භටපිරිස් විසින් ඉන්දියානු යුද්ධ හමුදාධිපති වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලැබුවා.

ඉන් පසු, ඉන්දියානු යුද්ධ හමුදාධිපති සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ අතර සුහද හමුවක් පැවැත්වි තිබෙනවා.

එම හමුව අවසන් කරමින් ඉන්දියානු ආධාර යටතේ යුද්ධ හමුදා යුධ විද්‍යාලය බුත්තල ඉදි කිරීමට යෝජිත ඉන්දු-ලංකා ක්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීම් සඳහා වූ ගිවිසුම අත්සන් කරනු ලැබුවා.

ඉන් පසු ඉන්දියානු යුද්ධ හමුදාධිපති ශ්‍රී ලංකාවට බළපෑ ආපදා තත්ත්වය තුළදී සක්‍රීයව දායකත්වය දැක්වූ යුද්ධ හමුදා ප්‍රතිචාර කණ්ඩායම්වල සාමාජිකයින්ගේ විශිෂ්ට හා කැපවූ සේවය ඇගයීම සඳහා සංවිධානය කරන ලද උත්සවයකටද සහභාගි වන ලදී.

අනතුරුව මහින්ද්‍රා ස්කොර්පියෝ වර්ගයේ වාහන 20ක් පුහුණු සමාකෘති සහ ගිලන් රථ දෙකක් නිල වශයෙන් ශ්‍රී ලංකා යුධ හමුදාව වෙත ප්‍රදානය කිරීමද සිදුව තිබෙනවා.

මෙම ප්‍රදානය දෙරට හමුදාධිපතිවරුන් අතර පවතින පුද්ගලික මිතුදම තහවුරු කල අවස්ථාවක් වනවා.

menu
menu