මි.මී. 100 ඉක්මවූ තද වැසි

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය අද (10) දහවල් කාලයේදී ත්‍රිකුණාමලය සහ යාපනය අතරින් ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

අද අලුයම 4.00 වන විට මෙය ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 100 ක් උතුරට බරව ඊසාන දෙසින් පිහිටා තිබූ අතර, එය පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් වයඹ දෙසට ගමන් කරමින් පවතින බවයි එම නිවේදනයේ සඳහන්.

මේ හේතුවෙන්, දිවයිනේ උතුරු අර්ධයේ අහස වලාකුළින් බරව පවතින අතර, උතුරු පළාත, පුත්තලම, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක සඳහා විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට එම දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම, උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් සඳහන්.

තවද, කුරුණෑගල, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්ක සඳහා වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

menu
menu