බස් හිමියන් ලබන බදාදා කොළඹට
මාරක රිය අනතුරුවලට බලපා ඇති එක් හේතුවක් වන්නේ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කිරීමයි.
ඒ අනුව මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන රියදුරන් නීතියේ රැහැනට හසු කර ගැනීමට අලුත් වැඩක් පසුගියදා ආරම්භ කළා.
ඒ, ප්‍රවාහන අමාත්‍යංශයද මැදිහත්වීමෙන්. ඒ අනුව රියදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇතිදැයි පරික්ෂා කිරීමේ රසායනාගාර සහිත බස් රථ සේවයක් ආරම්භ කෙරුණා.
එහිදී අදාළ සාම්පල් පරික්ෂණයේ ප්‍රතිඵල මිනිත්තු 03ක් ඇතුළත ලබාගත හැකි වනවා. එම පරික්ෂණයෙන් මත්ද්‍රව්‍ය 12ක් හඳුනා ගැනීමේ හැකියාව පවතින බවද ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවා.
කෙසේවෙතත් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසන්නේ සිය සේවකයින් මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථවල සේවය නොකරන බවයි.
එවන් පසුබිමක් තුළ වෙනත් කරුණු කිහිපයක් මුල් කරගනිමින් බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ රියදුරන් ලබන 14 වනදා කොළඹට කැඳවීමට පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ සිය බස් කර්මාන්තයට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් සිදුවන අපහසුතා සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තීරණයක් බවයි.
පෞද්ගලික බස් කර්මාන්තය මේ වනවිට කඩා වැටීමකට ලක්ව ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

