ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන තොරතුරු එළියට
කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රියේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය පාතාල කල්ලි දෙකක් අතර සිදුවූ ගැටුමක ප්‍රතිඵලයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසයි.
ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන ආරම්භ කර ඇති බවය.
මෙහිදී 4 හැවිරිදි පිරිමි දරුවෙකු හා 3 හැවිරිදි ගැහැණු දරුවෙකුටද වෙඩිවැදීමෙන් තුවාල සිදුවූ අතර ඔවුන් ප්‍රතිකාර සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත්

