මැගසින් 18ක් සමග හිටපු යුද හමුදා කපිතාන්වරයෙක් අත්අඩංගුවට
විශ්‍රාමික යුද හමුදා කපිතාන් වරයෙක් ටි 56 මැගසින් තොගයක් සහ ජීව උණ්ඩ සමග යාගොඩ මුල්ල මිරිස්වත්ත නිවසකදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සඳහන් කරයි
එම සැකකරු සමග ටි 56 මැගසින් 18 ක් ටි 56 ජිව උන්ඩ 25 ක් පොලිස් භාරයට ගෙන ඇත
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි රෝහන් ඕලුගල මහතාගේ සෘජු අධීක්ෂණය හා මෙහෙයවීම මත සහකාර පොලිස් අධිකාරී මෙහෙයුම් හා පාලන පි කුමාරදාස මහතාගේ සහ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පදුමසිරි මහත්වරුන්ගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතාට ලද තොරතුරකට අනුව එම නිවස වටලා මැගසින් සහජීව උණ්ඩසමඟ සැකකාර විශ්‍රාමික හිටපු යුද හමුදා කපිතාන් වරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

