සංචාරකයින් සංඛ්‍යාව 131,000 පනී
මෙම වසරේ පළමු දින 15 තුළ එක් දිනක වැඩිම සංචාරක පැමිණීම පසුගිය 15 වනදා වාර්තා වූ බවය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව එදින පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 10,483ක් බවයි එම අධිකාරිය පැවසුවේ. මෙම වසරේ පළමු දින 15 තුළ සංචාරකයින් 131,898 දෙනකු මෙරටට පැමිණ තිබෙනවා. එම කාලය තුළ වැඩිම සංචාරක පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවේ සිට බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ. එම සංඛ්‍යාව 23,786ක්.
එමෙන්ම රුසියාවෙන් 14,785 දෙනකු, එක්සත් රාජධානියෙන් 12,166 දෙනකු සහ ජර්මනියෙන් 9,260 දෙනකු වසරේ පළමු දින 15 තුළ මෙරටට පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පැවසුවේ

