රාත්‍රී සීතල තවත් මාස දෙකක්
බොහෝ දෙනෙක් නුවරඑළියට යන්න කැමති එහි ඇති ශිත දේශගුණය අත්විඳින්න.
එහෙත් දැන්නම් ඔබ කොහේ හිටියත් නුවරඑළියේ සිටිනවා සේ දැනෙනවා ඇති.
මේ දිනවල උදේටත් සිතලයි. රෑටත් සිතලයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.
උතුරු,උතුරු-මැද,නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත්වල හිමිදිරි උදෑසන කාලයේදී සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැක.
උතුරු-මැද,සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

