අගමැතිනිය ලෝක ආර්ථික සමුළුවේ ඉහළ පෙළ නියෝජිතයින් සමඟ

ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැති ලෝක ආර්ථික සමුළුවේ 56 වන වාර්ෂික රැස්වීමට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ලෝක ආර්ථික සමුළුවේ ඉහළ පෙළ නියෝජිතයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල ඊයේ (20) නිරත විය.

එහිදී ජාත්‍යන්තර හවුල්කාරිත්වය පිළිබඳ යුරෝපා සංගමයේ කොමසාරිස් Davos-Klosters මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක් වූ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සහයෝගීතාව ශක්තිමත් කරමින් දෙපාර්ශවයේ හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාම කෙරෙහි අවධානය යොමු කෙරිණ.

අනතුරුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය WEF කොන්ග්‍රස් මධ්‍යස්ථානයේදී ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති සහ සභාපති වන Masato Kanda මහතා හමුවිය. ශ්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර පවත්නා සම්බන්ධතාවය සහ අනාගත සහයෝගීතාවය ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.

menu
menu