ලෝක විවාහක රූ රැජින තරඟාවලියට සබීනා ඇමෙරිකාවට
ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන 41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සදහා සබීනා යූසෆ් මහත්මිය අද (21) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියාය .
මෙම තරගාවලිය ලෝකයේ රටවල් 60 කට අධික සංඛ්‍යාවක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් 01/22 දින සිට 01/29 දින දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස් නුවර පැවැත්වීමට නියමිතය .
මේ සදහා ඇය අද අලුයම 03.00 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 659 දරන ගුවන් යානයෙන් කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගොස් , තවත් වෙනත් ගුවන් යානයකින් ලාස්වේගාස් නුවර වෙත යාමට නියමිතය

