රසායනාගාර පරීක්‍ෂණ ජංගම සේවාව කොළඹ බැස්ටියන් මාවතෙන් ඇරඹෙයි
ය භාවිතකර රිය ධාවනයේ යෙදෙන රියදුරන් හඳුනා ගැනීමටත් ඉන් අනතුරුව සිදුකරනු ලබන නෛතික ක්‍රියාමාර්ග පහසු කරලීම සඳහාත් ජංගම වෛද්‍ය රසායනාගාරයක් සහිත බස් රථ (Mobile Lab) සේවාව ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙයි.
එම ජංගම රසායනාගාර සේවාව නිල වශයෙන් ආරම්භ කිරීම අද (21) කොළඹ බැස්ටියන් මාවත ප්‍රධන බස් නැවතුම්පොල අංගනයේදී සිදු කෙරිණි.
මෙම ජංගම රසායනාගාර සේවාව මගින් දැනට මත්ද්‍රව්‍ය වර්ග 4 ක් සම්බන්ධ වාර්තා විනාඩි 2-3 ක කාලයක් ඇතුලත ලබාගත හැකිවීම විශේෂත්වයක් වන අතර ඉදිරියේ දී මත්ද්‍රව්‍ය 12 ක් දක්වා හඳුනා ගැනීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් සමයා ගැනීමට ද නියමිතය.
නිසි ලෙස ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් තුලින් රියදුරන්, මගී ජීවිත, පදිකයින් සහ දේපල ආරක්‍ෂා කරගැනීම සම්බන්ධයෙන් සකස් කළ යුතු තිරසර වැඩ පිළිවෙලක අවශ්‍යතාව විවිධ ආයතන මගින් විවිධ අවස්ථාවලදී පෙන්වා දී තිබුණද පැවති රජයන් එය ක්‍රියාත්මක තලයට ගෙනඒමට අසමත් විය.
වත්මන් රජය බලයට පත්වීමත් සමග ආරම්භ කල මාර්ග ආරක්‍ෂණ ජාතික වැඩසටහනේ එක් ප්‍රමුඛ ක්‍රියාමාර්ගයක් වශයෙන් මෙම ජංගම වෛද්‍ය රසායනාගාරයක් සහිත බස් රථ (Mobile Lab) සේවාව ආරම්භ විය.
ඇල්කොහොල් (Alcohol) මත්ද්‍රව්‍ය හැර වෙනත් මත්ද්‍රව්‍ය භාවිතකර රිය ධාවනයේ යෙදෙන්නන්ට දඬුවම් ලබාදීමේ අවස්ථාවක් මින් පෙර නොතිබූ අතර, ඊට අදාල නෛතික ප්‍රතිපාදන සැලසීම වෙනුවෙන් විෂයභාර අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ මැදිහත්වීම මත මෝටර් රථ වාහන පනත යටතේ නියෝග අනුමත කිරීමට අදාල ‘මෝටර් රථ වාහන නියෝග මාාලව’ පසුගියදා අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
ජාතික ගමනා ගමන කොමිසම, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සහ ශ්‍රී ලංකා පොලීසිය ඒකාබද්ධව මෙම පරීක්‍ෂණ සේවාව ක්‍රියාත්මක කරනු ලබයි. මෙහිදී රියදුරන්ගේ ‘මුත්‍රා’ සාම්පල පරීක්‍ෂණයේ ප්‍රතිඵල, ප්‍රතිඵල සටහනක් ද සහිතව එම අවස්ථාවේදීම ලබාදීම සිදු කෙරේ.
බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කල මෙම සේවාව ඉදිරියේදී දිවයිනේ සෙසු පළාත්වලද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

