තීරණය එන තුරු බංගලාදේශය වැට උඩ

2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට බංග්ලාදේශය සහභාගී වනවාද නැද්ද, තවමත් අවසන් නොමැති ගැටලුවක්.

බංග්ලාදේශයේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තීරණය ඔවුන් තවමත් අපේක්‍ෂාවෙන් සිටිනවා.

ලෝක කුසලාන තරගාවලියට බංග්ලාදේශයේ සහභාගී වීම තවමත් අවිනිශ්චිත තත්ත්වයක පවතින බවයි එරට ක්‍රිකට් නායක ලිටන් දාස් පවා පිළිගෙන ඇත්තේ.

කෙසේ වෙතත්, පෙබරවාරි 7 වන දින ආරම්භ වන තරඟාවලියට බංග්ලාදේශයේ සහභාගී වුවහොත් ක්‍රීඩකයින්ට ඊට මානසිකව සූදානම් වීමට තවමත් ප්‍රමාණවත් කාලයක් ඇති බව ලිටන් දාස් පවසා තිබෙනවා.

මෙම අර්බුදය මතු වූයේ ආරක්‍ෂක තත්ත්ව සැලකිල්ලට ගනිමින් ඉන්දියාවේ ඇති තරඟවලට සහභාගී වීමට නොහැකි බවට බංග්ලාදේශය ප්‍රකාශ කිරීමත් සමගයි.

ඔවුන් ඉල්ලා සිටින්නේ ඉන්දියාවේ පැවැත්වෙන තරඟ ශ්‍රී ලංකාවේ පවත්වන ලෙසයි.

ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ තීරණය අද වන විට ලැබෙනු ඇති බවටයි බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය විශ්වාස කළේ.

menu
menu