අගමැතිනිය යළි දිවයිනට
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැති 2026 ලෝක ආර්ථික සමුළුවේ (World Economic Forum) වාර්ෂික හමුවට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු දූත පිරිස සිව් දිනක සාර්ථක නිල සංචාරයකින් අනතුරුව අද (23) පෙරවරුවේ දිවයිනට පැමිණියා.
පසුගිය ජනවාරි 19 වනදා සිට 22 වනදා දක්වා පැවැති මෙම සමුළුව අතරතුර, අග්‍රාමාත්‍යවරිය ලෝකයේ ප්රමුඛ පෙළේ රාජ්‍ය නායකයින්, ජාත්‍යන්තර මූල්‍ය ආයතන ප්‍රධානීන් සහ ව්‍යාපාරික නායකයින් රැසක් හමු වී ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික මාවත ශක්තිමත් කර ගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වූවා.

