ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල පහතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.
එංගලන්තය හමුවේ කොළඹදී ඊයේ (27) අවසන් වූ තරගාවලිය තරග 2-1ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් ඔවුන් මෙලෙස 5වන ස්ථානයේ සිට 6වන ස්ථානය දක්වා පසුබැස ඇත.
කෙසේ නමුත් එංගලන්ත කණ්ඩායම තවමත් 8වන ස්ථානයේ රැඳී සිටින අතර, ඔවුන්ට ඉදිරියෙන් (7 වන ස්ථානය) ඇෆ්ගනිස්තානය පසුවීම සුවිශේෂීය.
එංගලන්තය ඊයේ ලැබූ තරගාවලි ජය සැලකෙන්නේ එය ඔවුන් 2023 වසරෙන් පසු තම රටින් පිටතදී ලැබූ පළමු එක්දින තරගාවලි ජය ලෙසය.
මෙම ශ්‍රේණිගත කිරිම්වල පෙරමුණේ ඉන්දීය කණ්ඩායම පසුවේ.

