5කට දිවි අහිමි කළ රිය අනතුරු
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ පලෙයි නගරය ආසන්නයේදී යාපනය දෙසට ධාවනය වූ ටිපර් රථයක් යතුරුපැදියකට ඉස්සර කිරීමට යාමේදී එම යතුරුපැදියේ ගැටී එක් අනතුරක් සිදුව ඇති බවයි.
අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකාරිය තුවාල ලබා පලෙයි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පසුපැදිකාරිය ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ 64 වියේ පසුවූ සෝරම්පත්තු ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.
අනතුරට සම්බන්ධ ටිපර් රථෙය් රියැදුරු අත්අඩංගුවට ගත් බවයි පලෙයි පොලිසිය පැවසුවේ.
මේ අතර වාරියපොල, පාදෙනිය අනුරාධපුර මාර්ගයේ එබවලපිටිය ප්‍රදේශයේදී පාදෙනිය දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයේ වම් පසින් ගමන් ගත් පදික පුද්ගලයෙකුගේ ගැටී තවත් අනතුරක් සිදුව තිබෙනවා.

