නිපා වෛරසය ගැන සෞඛ්‍ය අංශ අවධානයෙන්
නිපා’ වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනෙකුත් අදාළ අන්තර්ජාතික ආයතන සමග සමීප සහයෝගීතාවයෙන් කටයුතු කරමින් කලාපීය රෝග තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා.
නිවැරදි තොරතුරු සඳහා නිල නිවේදන සහ විශ්වාසනීය මූලාශ්‍ර මත පමණක් විශ්වාසය තැබීමට ජනතාවට උපදෙස් දෙනු ලබන බවයි එම අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ.
කිසියම් සැකසහිත රෝගී තත්ත්වයක් හඳුනාගතහොත්, වේගවත් හා කාර්යක්ෂම ප්‍රතිචාරයක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සම්පූර්ණයෙන් සූදානම්ව සිටින බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

