සිහින පාසලක්' කරා යන සැලසුම අගමැතිනිය හෙළිකරයි

මේ වසරේ 6 ශ්‍රේණියට ඇතුළත් වන සිසු දරුවන්වද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතට ගැනීමට අදාළ සැලසුමක් මේ වනවිට සකස් කරමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසන්නීය.

එම දරුවන්ව කිසිවිටෙකවත් අතහැර නොයන බවද අවධාරණය කර සිටි අග්‍රාමාත්‍යවරිය, වසරින් වසර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2030 වසර දක්වා ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බවද කියා සිටියාය.

'සිහින පාසලක්' කරා යන සැලසුම ක්‍රියාත්මක කිරීම රජය සතු වගකීමක් බවත් එය යථාර්ථයක් කිරීමට කැපවෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙහිදී වැඩිදුරටත් පැවසුවාය.

menu
menu