ගුරු සංවර්ධන නිලධාරීන් විරෝධතාවක
ගුරු සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුවලට විසදුම් නොලැබීම හේතුවෙන් අද (02) පෙරවරුවේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් විරෝධතාවක් ආරම්භ කර තිබේ.
ගුරු සංවර්ධන නිලධාරීන් සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සමඟ එක්ව මෙම විරෝධතාව සිදුකරන බව ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසයි.
ලංකා පාසැල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ උපවාසය අද 8 වන දිනටත් පැවැත්වේ.
පාසැල් වල ඉගැන්වීම කටයුතු සිදු කරන ගුරු සංවර්ධන නිලධාරීන්, ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලමින් ඔවුන් පසුගියදා මෙලෙස සත්‍යග්‍රහයක් ආරම්භ කළ අතර අනතුරුව එය මාරාන්තික උපවාසයක් දක්වා තීව්‍ර කරනු ලැබීය.
ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හෙට (03) දිනයේ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ද ලබා දී ඇති බව ලංකා පාසල් සංවර්ධ නිලධාරීන්ගේ සංගමය පවසයි.
කෙසේවෙතත් සිය ගැටලුවලට විසදුම් ලබාදීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් අද මෙලෙස විරෝධතාවක් සිදු කරන බව ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ විරාජ් මනරංග මහතා සඳහන් කළේය.

