ගාල්ල බන්ධනාගාරයෙන්  දුරකථන හා සිම්පත් තොගයක් 

ගාල්ල බන්ධනාගාරයේ A, B සිරමැදිරි හා C, D සිරමැදිරිවල ඊයේ (3) සිදුකළ සෝදිසි මෙහෙයුමේදී අයිතිකරුවන් නොමැති දුරකථන, සිම්පත් සහ මත්ද්‍රව්‍ය සොයාගැනීමට බන්ධනාගාර නිලධාරීන්ට හැකිව තිබේ.

එහිදී ඔවුන් විසින් ජංගම දුරකථන 19ක් හා සිම්පත් 11ක් සොයාගෙන ඇත.

ඊට අමතරව හෙරොයින් කුඩා ප්‍රමාණයේ පැකට් 58 (පොලිතින් සමග බර ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 384) හා හෙරොයින් බවට සැක කළහැකි පැකට් 1 (ග්‍රෑම් 106 මිලිග්‍රෑම් 350යි)ක් සොයාගෙන තිබේ.

menu
menu