මුම්බායි ගුවන් තොටුපළේදී යානා දෙකක තටු
ඉන්දියාවේ මුම්බායි හි චත්‍රපති ශිවාජි මහරාජ් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඊයේ (03) රාත්‍රියේ මගී ගුවන් යානා දෙකක තටු එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
ගුවන්ගත වීමට සූදානම් වෙමින් තිබූ එයාර් ඉන්ඩියා (Air India) සමාගමට අයත් Airbus A320 යානයක් සහ හයිද්‍රාබාද් සිට පැමිණි ඉන්ඩිගෝ (IndiGo) සමාගමට අයත් Airbus A320 යානයක් මෙලෙස එකිනෙක ස්පර්ශ වී ඇති බවයි වාර්තා වෙන්නේ.
යානා දෙකම ඉතා අඩු වේගයකින් ගමන් කරමින් තිබූ බැවින් විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකිවී තිබෙනවා.
යානාවල තටු කෙළවරවල් වලට සුළු හානි සිදු වී ඇති අතර, යානා දෙකේම සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය කිසිදු තුවාලයකින් තොරව ආරක්ෂිතව ඉවත් කර තිබෙනවා.
පසුව එම ගුවන් ගමන් අවලංගු කර මගීන් සඳහා විකල්ප පහසුකම් සැලසීමට ගුවන් සමාගම් පියවර ගෙන ඇති බව සඳහන්.

