ඇමතිවරු ආගමික නායකයින්ට කරන පරිභව තරයේ හෙළා

රජයේ ඇතැම් අමාත්‍යවරුන් ආගමික නායකයින්ට පරිභව කිරීම තරයේ හෙළා දකින බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කරනවා.

නිදහස් දිනය වෙනුවෙන් අද (04) කොළඹදී පැවැති දේව මෙහෙයකට සහභාගි වෙමිනුයි අගරදගුරු හිමිපාණන් මේ බව පැවසුවේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු හිමිපාණන් මෙසේ ද පැවසුවා.

බෞද්ධ ධර්මයේ ආභාෂයෙන් ගොඩනැගුණු එම නායකයින් එම ආගමික නායකයින්ට ගරු කළ යුතුයි.

අප රටේ අධ්‍යාත්මික චින්තනය ගොඩනැගී ඇත්තේ මිහිඳු හිමියන් ගෙන එන ලද බුද්ධාගම හා එම වටිනාකම් තුළයි.

menu
menu