දිට්වා නිසා හානි වූ මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස ඉදිකිරීම අද ඇරඹේ
දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ සහ අර්ධ නිවාස හානි සිදු වූ මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් වෙනුවෙන් නව නිවාස ඉදිකර දීමේ වැඩසටහන ඇරඹීම සහ වන්දි ප්‍රදානය අද සිදු කෙරෙනවා.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
ඒ අනුව, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ කුණ්ඩසාලේ, මැදදුම්බර, පාතදුම්බර සහ පන්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කර්මාන්තකරුවන්ට සහ පූර්ණ සහ අර්ධ වශයෙන් නිවාස හානි සිදු වූ පවුල් සඳහා වන්දි ප්‍රදානය කිරීමේ අවස්ථාව අද පෙරවරුවේ කුණ්ඩසාලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතයි.

