තැපැල් ගාස්තු සංශෝධනය අද 

තැපැල් ගාස්තු සංශෝධනයන් අද (09) සිට ක්‍රියාත්මක කරන බව තැපැල් දෙපාර්තමේන්තුව දන්වා සිටී.

ඒ අනුව මෙතෙක් පැවැති සාමාන්‍ය ලිපියක ගාස්තුව රුපියල් 50 සිට 70 දක්වා ඉහළ දමා ඇති අතර ලියාපදිංචි තැපැල් ගාස්තුව පෙර පැවති රුපියල් 60 මිලෙහිම පවතියි.

සාමාන්‍ය සහ ව්‍යාපාරික ලිපි සේවාවේ මුලික බර පංතිය ග්‍රෑම් 20 සිට ග්‍රැම් 30 දක්වා සංශෝධනය කර ඇති අතර පත්‍රිකාවක හෝ පත්‍රිකා කට්ටලයක උපරිම බර ග්‍රෑම් 100 සිට ග්‍රෑම් 120 දක්වාසංශෝධනය කර ඇති බව ද තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පුණ්‍යොයතන, සමාජ සේවා, ස්වෙච්ඡා සංවිධානවලින් තැපැල් කරන ලිපි සදහා මෙතෙක් අය කළ රුපියල් 30ක ගාස්තුවරුපියල් 50 දක්වාද ඉහළ දමා තිබේ.

අමාත්‍යාංශ හා රාජ්‍ය දෙපාර්තමේන්තු වෙත තැපැල් භාණ්ඩ ලියාපදිංචිය වෙනුවෙන් ලබාදෙන විශේෂ සේවාව යටතේ අයකළ ගාස්තුව රුපියල් 110 සිට 130 දක්වා ඉහළ දමා ඇති අතර තැපැල් පතක ගාස්තුව රුපියල් 20 සිට 40 දක්වා ඉහළදමා ඇත.

menu
menu