කස්සප හිමි ඇතුළු පිරිසක් අදත් අධිකරණයට

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ අනුව මේ වන විට එම පිරිස අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.

ත්‍රිකුණාමලය කොටුව පාරේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමියන්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පූජ්‍ය ත්‍රිකුණාමලය සුඛිතවංශ තිස්ස හිමියන් සහ පූජ්‍ය නන්ද හිමියන් ඇතුළු 10 දෙනෙක් මෙසේ අද නැවතත් අධිකරණයට ඉදිරිපත් කළා.

menu
menu