උස්සපු ගෑස් මිල නිසා ආහාර මිල ගණන් වැඩි වෙන ලකුණු
ඉදිරි කාලයේදී අනිවාර්යෙන්ම ආපනශාලාවල සහ අවන්හල්වල ආහාර මිල ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.
ඉහළ ගිය ගෑස් මිල සහ සහල් ඇතුළු අනෙකුත් ආහාර නිෂ්පාදන ද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් මෙලෙස ආහාර මිල ඉහළ දැමීමට සිදුවන බවයි එම සංගමය සභාපති හර්ෂණ රුක්ෂාන් පැවසුවේ.

