කස්සප හිමියන් ඇතුළු 10 දෙනා අද යළි අධිකරණයට

ත්‍රිකුණාමළය බුදු පිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බලංගොඩ කස්සප හිමියන් සහ තවත් හිමිවරු තුන්දෙනෙකු ඇතුළු දසදෙනා අද (11) යළි ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

එසේම, සැකකරුවන් ඉදිරිපත් කළ ඇප අයැදුම පිළිබදව තීන්දුව ත්‍රිකුණාමලය මහාධිකරණයේදී අද ප්‍රකාශයට පත් කිරීමට ද නියමිතයි.

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථාන පරිශ්‍රයේ කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියට අදාළව බලංගොඩ කස්සප හිමි සහ තවත් හිමිවරුන් තුන්දෙනෙකු ඇතුළු 10 දෙනෙකු පළමුවට රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ පසුගිය ජනවාරි මස 14 වැනිදායි.

එම අවස්ථාවේ සිට මේ දක්වා අවස්ථා කිහිපයකදී භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රිමාන්ඩ් කෙරුණා.

menu
menu