අමරකීර්ති අතුකෝරල ඝාතනයේ සැකකරුවන් 12කට මරණ දඬුවම
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මහ මඟදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ නඩුවේ තීන්දුව අද දින ගම්පහ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේදී තීන්දුව ප්රකාශ ප්රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව එහි තීන්දුව බෙදුණු තීන්දුවක් අද දින ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව රශ්මි සිංගප්පුලි, සහන් මාපා බණ්ඩාර සහ රශාන්ත ගොඩවෙල යන විනිසුරුවරුන් ඉදිරියේ අද දින තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව සහන් මාපා බණ්ඩාර සභාපති විනිසුරුවරයා විත්තිකරුවන් තිස් හත් දෙනාම නිදොස් කොට නිදහස් කිරීමට ඔහු නියෝග කළා.
කෙසේ වෙතත් රශ්මි සිංගප්පුලි සහ රශාන්ත ගොඩවෙල යන මහත්වරුන්ගේ තීන්දුව වූයේ මේ විත්තිකරුවන්ගෙන් දොළොස් දෙනෙකුට මරණ දඬුවම ලබා දීමටයි.
ඒ අනුව මෙහි විත්තිකරුවන් තිස් හත් දෙනාගෙන් දොළොස් දෙනෙකුට මරණ දඬුවම ලබා දුන්නා එමෙන්ම විත්තිකරුවන් විසි තුන් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට මෙහිදී තීරණය කෙරුණා.
ඒ අනුව ඉතිරි විත්තිකරුවන් සිව්දෙනා මාස හයක සිර සිරදඬුවමක් ඔවුන්ට ලබාදීමට තීරණය කර එය වසර පහකට අත්හිටවනු ලැබුවා.

