ශ්‍රී ලංකාව අපරාජිතව ඉදිරියට

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕමානයට එරෙහිව අද (12) පැවති තරගයෙන් ලකුණු 105ක අති විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙම ජයත් සමග මේ දක්වා ක්‍රීඩාකළ තරග දෙකම ජයගත් ශ්‍රී ලංකාවට 'B'කාණ්ඩයේ පෙරමුණ අත්පත් කරගැනීමට හැකිවිය.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවතිමෙම තරගයේ ශ්‍රී ලංකාවෙන් හිමිවූ ලකුණු 226ක අසීරු ඉලක්කයට පිළිතුරු ලෙස ඕමානයට පන්දුවාර 20 තුලදී කඩුලු 9ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 120ක් පමණි.

ඕමාන ඉනිමේ එකම ගැලවුම්කරුවා වූ මොහොමඩ් නදීම් නොදැවී ලකුණු 53ක් රැස්කළ අතර, වසීම් අලි ලකුණු 27ක් රැස්කළේය.

ඒ හැරෙන්න වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 9න් ඉහළට ඉනිමක් ගොඩනැගීමට නොහැකිවූහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දුෂ්මන්ත චමීර (2/19), මහීෂ් තීක්ෂණ (2/11) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූහ.

menu
menu