ලෝක ප්‍රකට ගායිකාවක් හදිසියේ ගත් තීරණය
ලොව සුපිරි පොප් තරුවක් වන බි්‍රට්නි ස්පියර්ස් ඇගේ සම්පූර්ණ සංගීත නාමාවලියෙහිම අයිතිය විකුණා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇය සිය සංගීතමය අයිතිය විකුණා ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 200 කට බවයි වාර්තා වන්නේ.
44 හැවිරිදි ස්පියර්ස්, ලොව පුරා අතිශය ජනප්‍රිය ගීත රැසකට හිමිකම් කියනවා.
බේබි වන් මෝර් ටයිම්, අයි ඩිඩ් ඉට් අයේන්, ටොක්සික් සහ ගිම් මෝර්, යන ගීත ඒ අතරින් කිහිපයක්.
සිය සංගීත අයිතිය අලෙවි කිරීම සම්බන්ධයෙන් බි්‍රට්නි ස්පියර්ස් හෝ ඒවා මිළදී ගත් නියෝජිතයින් කිසිවෙකුත් නිළ වශයෙන් අදහස් පල කර නැහැ.
එමෙන්ම විකිණීම පිළිබඳ විස්තර සහ ස්පියර්ස්ගේ නාමාවලියෙහි නිශ්චිත මිල මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
2024 ජනවාරි මාසයේදී බි්‍රට්නි ස්පියර්ස් පැවසුවේ තමන් යළි කිසි විටෙකත් සංගීත කර්මාන්තයට ආපසු නොඑන බවයි.
ඇගේ අවසන් ගීතය 2022 දී එල්ටන් ජෝන් සමඟ නිකුත් කරන ලද යුගල ගීතයයි.
බි්‍රට්නි ස්පියර්ස් පමණක් නොව බෲස් ස්ප්‍රින්ග්ස්ටීන්, ජස්ටින් බීබර්, ජස්ටින් ටිම්බර්ලේක් සහ ෂකීරා වැනි ලොව ඉහළ පෙළේ කලාකරුවන් ද මෑතකදී ඔවුන්ගේ සංගීතමය නාමාවලි විකුණා දැමූ බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

