මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප  අහිමි වන ලකුණු

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම, පනත සම්මත වූ දින සිට ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා ආණ්ඩුවෙන් ඉල්ලිමක් කරනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප ලබාගත් පිරිසට එලෙසම එය ලබාදෙන ලෙසයි මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් ගෙන තිබූ තීරණයට අදාළව ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුවේ නිර්දේශ, තොරතුරු දැන ගැනීම පනත යටතේ ලබාගැනීමට මන්ත්‍රීවරයා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණි අවස්ථාවේ මෙම අදහස් පළ කළා.

menu
menu