ක්‍රීඩා පිටියේ සේවාවට ආ තරුණයෙක් අත්අඩංගුවට

විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඕමානය අතර අද (12) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරඟය පැවැත්වෙන අතරතුර වෙනත් අයකුගේ හැඳුනුම්පතක් උපයෝගි කර ගනිමින් ක්‍රීඩාංගණයේ සේවා කටයුතු සඳහා පැමිණ සිටි පුද්ගලයෙකු පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
මෙම පුද්ගලයා ක්‍රීඩාංගණයේ ටෙන්ට් ඇදීම සඳහා පැමිණ සිටියදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ අන් අයෙකු ලෙස පෙනී සිටීමේ චෝදනාව යටතේ බවයි පොලිසිය පවසන්නේ.
පල්ලේකැලේ ක්‍රිඩාංගනයේ ක්‍රිඩාංගණය ඇතුළත ටෙන්ට් ඇදිම සදහා තාවකාලික පදනම මත බඳවාගෙන ඇති කම්කරුවකු නමින් පෙනී සිටිමින් මොහු ක්‍රිඩාංගණයට ඇතුළුවී සිටියදී අද (12) පස්වරු 1.00 ට පමණ ක්‍රිඩාංගණයේ කාර්ය මණ්ඩලය විසින්ම ඔහුව පොලිස් නිලධාරින්ට භාර දී තිබුණා.
අත්අඩංගුවට සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කිරීම සඳහා ඔහුව පල්ලේකැලේ පොලිස්ථානයට භාරදී තිබෙනවා.

menu
menu