ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්      

බස්නාහිර, සබරගමුව සහ දකුණ පළාත්වල ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද රාත්‍රී 11 දක්වා වලංගු වන පරිදි එම දෙපාර්තමේන්තුව මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බවයි.

menu
menu