ඉරාන න්‍යෂ්ටික සාකච්ඡා ගැන ට්‍රම්ප්ගෙන් අනාවරණයක්
ජිනීවාහිදී අද ආරම්භ වීමට නියමිත ඉරාන න්‍යෂ්ටික සාකච්ඡාවලට තමන් වක්‍රව සම්බන්ධ වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ එයාර් ෆෝස් වන් යානයේදී වාර්තාකරුවන් යොමුකල ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව පවසා තිබෙනවා.
එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ඉරානය තම න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ගිවිසුමක් ඇති කර ගැනීමට කැමති බව තමා විශ්වාස කරන බවයි.
ස්විට්සර්ලන්තයේ දෙවන වටයේ සාකච්ඡා එලෙස පැවැත්වෙන්නේ රාජ්‍ය විරෝධී විරෝධතා මාරාන්තික ලෙස මර්දනය කිරීම සහ එහි න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පවතින ආරවුල සම්බන්ධයෙන් ඉරානයට එරෙහිව නැවත නැවතත් මිලිටරි තර්ජන එල්ල වීමෙන් පසුවයි.
න්‍යෂ්ටික ගැටලුව සම්බන්ධයෙන් එක්සත් ජනපද ස්ථාවරය, වඩාත් යථාර්ථවාදී, එකක් කරා ගමන් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඉරානයේ විදේශ අමාත්‍යාංශය පවසා තිබෙනවා.

