ජනපති යළි දිවයිනට 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය පරිදි AI Impact 2026 සමුළුව සඳහා සහභාගි වීමට නවදිල්ලි නුවරට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සංචාරය සාර්ථකව නිම කර අද (20) රාත්‍රියේ යළි දිවයිනට පැමිණියේය.

කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් AI Impact 2026 සමුළුව ලෝක නායකයන්, රාජ්‍යතාන්ත්‍රිකයන් සහ තාක්ෂණ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් නවදිල්ලි නුවරදී පැවැත්වුණු අතර ජනාධිපතිවරයා පසුගිය 19 වනදා ඊට සහභාගී විය.

19 වනදා පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහි නායක සැසිය ඇමතූ අතර, මානව සංහතියේ සංස්කෘතික වටිනාකම් හා හැකියාවන් ප්‍රවර්ධනයට AI තාක්ෂණය ඉවහල් කරගත යුතු බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

menu
menu