විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට්  තරගාවලියේ සුපිරි 8 වටයේ තරග අද සිට

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග ආරම්භ කරමින් පළමු තරගය පාකිස්තානය හා නවසීලන්තය අතර අද (21) පැවැත්වේ.

රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ප.ව. 7ට ආරම්භවීමට නියමිතය.

මූලික වටයේ 'A' කාණ්ඩයෙන් ක්‍රීඩාකළ පාකිස්තානය ඉන්දියාවට පමණක් පරාජය වී එහි ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත්විය.

එමෙන්ම මූලික වටයේ 'D' කාණ්ඩයෙන් ක්‍රීඩාකළ නවසීලන්තයද දකුණු අප්‍රිකාවට පමණක් පරාජය වී එම කාණ්ඩයේ දෙවන ස්ථානයට පත්විය.

පාකිස්තානය හා නවසීලන්තය විස්සයි20 තරග බිමේ මුහුණදුන් තරගවලදී එක හා සමාන දක්ෂතා දක්වා සිටියි.

menu
menu