ජාතිකයෝ 16ක් කුරුඳුවත්තේදී කොටු
වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටිමින් අන්තර්ජාලය හරහා සිදුකරන මහා පරිමාණ පිරමීඩ මුදල් වංචාවක නිරත වූ චීන ජාතිකයන් 16 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය පවසනවා.
කොළඹ 05, ජාවත්ත පාර සහ දොන් කරෝලිස් පාර ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම පිරිස වැටලීමකට ලක් කර ඇත්තේ කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුවයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සන්තකයේ තිබී ලැප්ටොප් පරිගණක 23ක්, ජංගම දුරකථන 11ක්, රවුටර් 07ක් සහ හඬ පරිවර්තන යන්ත්‍ර (Voice Translators) 09ක් පොලිස් භාරයට ගෙන තිබුණා.
මීට අමතරව, තීරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද විදේශීය දුම්වැටි 3,280ක් ද ඔවුන් රැඳී සිටි ස්ථානය පරීක්ෂා කිරීමේදී සොයාගත් බව පොලිසිය පවසනවා.

